
සාම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදා ගන්නා වාහන අලෙවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව ඩීසල් සහ පෙට්‍රල් යන සාම්ප්‍රදායික ඉන්ධන යොදාගන්නා මෝටර් රථ අලෙවිය සහ නිෂ්පාදනය නවතා දැමීම සම්බන්ධයෙන් අවධානය කරමින් සිටින බව යි චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ.
ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ වන චීනය එම තහනම පනවන්නේ කවදාද යන්න තවම නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැහැ.
“සාම්ප්‍රායික ඉන්ධන, ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ වාහන අලෙවිය නවතා දැමීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යයනය කරනවා” යැයි චීනයේ කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ෂින් ගුබින් මහතා පවසා තිබෙනවා.
මේ අතර වසර 2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතය තහනම් කිරීමට එක්සත් රාජධානිය සහ ප්‍රංශය දැනටමත් තීරණය කර ඇති බව යිවාර්තා වන්නේ.
වායූ දූෂණය අවම කිරීමට සහ ගෘහස්ථ මෝටර්රථ නිෂ්පාදකයන් සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයන් අතර තිබෙන පරතරය අඩු කිරීමේ අරමුණින් 2025 වනවිට විදුලි සහ හයිබ්‍රිඩ් මෝටර් රථ නිෂ්පාදනය සමස්ත වාහන නිෂ්පාදනයෙන් පහෙන් එකක් බවට පත් කිරීමට ද චීනය බලාපොරොත්තුවෙන් සිටිනවා.
No comments:
Post a Comment