ඊයේ මැච් එකේ ටොස් එක වැටිලා තියෙන්නේ ලංකාවට, කරලා තියෙන්නේ පහත් වැඩක් - මෙන්න ඇත්ත (Video)
ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ඊයේ පැවති විස්සයි විස්ස තරගයෙන් ජයගත්තේ ඉන්දියාවේ. ඒකට විශාලම හේතුව වුණේ කාසිය වාසිය ඉන්දියාවට හිමි වීම. මොකද ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වාසිය තියෙන්නේ දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට.
ඉන්දියාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් ඊයේ කාසියේ වාසිය ගැන ලොකු රහසක් හෙළි කරනවා. ඒ විතරක් නෙමේ එය අදාළ වීඩියෝවක් මඟින් ඔප්පුත් වෙනවා. ඇත්තටම එක බරපතල වැරැද්දක්. ඉන්දියාව හොර කරා කිව්වත් හරි.
කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ නිවේදක කටයුත්තේ ඉන්නේ ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙක් වන මුරලි කාර්තික්. උපුල් තරංග සහ විරාට් කෝලිට එහා පැත්තෙන් ඉන්නේ තරග තීරක Andy Pycroft..
ටොස් එක තරංග දානවත් එක්කම හෙඩ් කියලා විරාට් කෝලි කියනව. ඒ කියන්නේ ඒ කියන්නේ ඔහු හෙඩ් තමා ඉල්ලුවේ. කාසිය රෝල් වෙලා පොඩ්ඩක් එහාට යන නිසා තරග තීරක කාසිය වැටුණු පැත්තට ගිහින් කියනවා වැටුණේ ටේල් කියලා. ඒ කියන්නේ කෝලි ඉල්ලපු එක නෙමේ.
කොහොම හරි නිවේදක කර්තික්ට මේක හෙඩ් වගේ ඇහිලා හෝ දැනගෙනම බොරු කළා හෝ ඔහු ටක් ගාලා මයික් එක විරාට් ගාවට අරන් අහනවා දැන් ඔබගේ තීරණය කුමක්ද කියලා. විරාට් කියනවා ප්‍රථමයෙන් පන්දු යවනවා කියලා. නමුත් තරංග ඒ ගැන ලොකු අවධානයකින් හිටියේ නැති නිසා ඔහුට ගානක් වෙන්නේ නැහැ.
කොහොම වුණත් තරග තීරක මේක නිවැරදි කරන්න මුකුත් කිව්වෙත් නැහැ. නමුත් පහත තියෙන වීඩියෝ එක බැලුවම ඔයාලට බලන්න පුළුවන් ඔහු කියනවා ටේල් කියලා. ඒ කියන්නේ ඇත්තටම ඊයේ කාසියේ වාසිය දිනාගත්තේ උපුල් තරංග. නමුත් තරග තීරකගේ මේ විශාල වැරැද්ද නිසා ලංකාවට සිදුවුයේ පරාජය ලබන්න. මේ ගැන කවුරුන් හෝ පරීක්ෂණයක් පවත්වයිද නැද්ද කියන්න නම් අපි දන්නේ නැහැ.
Credit : www.gossipbro.lk/
-
ලිපිය මම දාන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මිය ගියපු කෙනාට ගරු කර කර, වැලපි වැලපි, දුක් වෙවී, ඉන්නවට වඩා ජීවත් වෙලා ඉන්න එක කොල්ලෙක් හරි කෙල්...
No comments:
Post a Comment